තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(30) රාත්‍රී ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දැරියක් ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මියගිය දැරිය හා පියා අතර දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පියා විසින් කැත්තකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලින් හෙළිව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘතදේහය ඇල්පිටිය රෝහල් මෘතශරීරාගරයේ තැන්පත් කර ඇති අතර ඌරගස්මංහන්දිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













