ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාවෙන් න්‍යෂ්ටික සබ්මැරීන 5ක් මිලදී ගැනීමට සුදානම් වනවා .
ඕස්ට්‍රේලියාව 2030 වන විට ෆැසිපික් සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම නව සබ්මැරීන බ්‍රිතාන්‍ය සැලසුම්වලට අනුව ඇමෙරිකාවෙන් නිෂ්පාදනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ෆැසිපික් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් පසුගිය සඳුදා සාකච්ඡා කර තිබෙනවා.
කලාපීයව චීනයෙන් එල්ල වී ඇති අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බවට සඳහන්.













