ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින්.
මෙම යෝජිත සංශෝධනයට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසුව එයට අදාළව ලබා දිය යුතු උපදෙස් / මාර්ගෝපදේශ වන්නේ නම් ඒවා පාසල් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ඇති.