මුල් ළමා විය සංවර්ධනය සහ රැකවරණය වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ”සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්” යන දරුවන් උදෙසා වන දැක්ම යටතේ මෙම පියවර ගෙන ඇති බවයි ඇය සඳහන් කළේ.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවති “ග්ලෝබල් කෙයාර් ගිවර් ෆෝරම් 2026” සමාප්ති සැසිය අමතමින් ඇය මේ බව පැවසුවා.














