හෝර්ටන්තැන්නේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන 23 හැවිරිදි සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට අද(19) දින ඇද වැටී අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසු ඇය මුදාගැනීමට හැකි වූ බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කළමනාකරු මංජුල මොනරතැන්න මහතා පවසනවා.
එම විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන ලෝකාන්තය නැරඹීමට අද(19) දින පැමිණ උදෑසන 9ට පමණ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇය පහළට ඇද වැටී අත්තක එල්ල සිටියදී හෝටර්තැන්න ජාතික වනෝද්‍යානයේ රියදුරෙකු අවදානම නොතකා පහළට බැස අත්තක එල්ලී සිටි විශ්වවිද්‍යාල සිසුවිය එල්ලී සිටි අත්තනේ බස්සවා බෑවුමේ ගලක වාඩි කරවා ඇය මුදාගැනීමට පට්ටිපොල පොලිසියේ නිලධාරීන්ගෙන් සහ යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඉල්ලා තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයින් කිහිප දෙනෙකු එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, වනජීවි නිලධාරීන් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් එක්ව ඒකාබද්ධ මෙහෙයුමකින් පසු දැඩි පරිශ්‍රමයක් දරා හෝර්ටන්තැන්න පහළ බෑවුමේ ගලක් මත සිටි විශ්වවිද්‍යාල සිසුවිය මුදාගෙන ඇය ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කළමනාකරු මංජුල මොනරතැන්න මහතා කියා සිටියේ.














