හොරණ වවුලගල නිවාස සංකීර්ණය ඉදිරිපිට වැවේ තිබූ මෘතදේහය සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී එහි තිබී පිරිමි මළ සිරුරක් සොයා ගැනුණු බවයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තවුරු වී නොමැති අතර මරණයට හේතුවක්ද අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත දේහය හොරණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.
මේ අතර හොරණ – බණ්ඩාරගම මාර්ගයේ රයිගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක විවෘත කරන ලද දොරෙහි ගැටී අනතුරුව විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයකද ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
එම අනතුරෙන් යතුරු පැදියේ ගමන් කළ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතල තුවාල හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් සිට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් පමණ වූ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්.
බණ්ඩාරගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.