මැද පෙරදිග රටවල් තුනක සිට යළි දිවයින බලා පැමිණි ලාංකිකයන් 7 දෙනෙක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් මිලියන 18.6ක් වටිනා නීති විරෝධී සිගරැට් ජාවාරම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනි.
හොර සිගරැට් සමග 7ක් මාට්ටුඅදාළ සැකකරුවන් පිරිස කුවේට්, ඩුබායි සහ ඕමානයේ සිට ආපසු පැමිණි ඇති බවට වාර්තා වනවා.
ඔවුන් තම ගුවන් මළුවල සඟවා නීති විරෝධී සිගරැට් තොග ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.
මෙලෙස රේගු බාරයට ගන්නා ලද සිගරැට් පෙට්ටි 620ක් සහ සිගරැට් කූරු 124000ක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කැකිරාව, කහවත්ත, කොළඹ සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද වාර්තා වනවා.