ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබුදුල්ලාහ් ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්ව තිබෙනවා.
දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටරය සහ තවත් හෙලිකොප්ටර් දෙකක් මෙලෙස හදීසි ගොඩබෑමක් සිදු කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙතෙක් ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගැන තොරතුරුක් ලැබී නොමැති අතර, ඔහු සෙවීමේ කටයුතු සිදු කරනු ලබනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම සෙවීමේ කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.