ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ සිට එළැඹෙන 11 වැනි දිනය දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වනු ඇති.
ජූලි 7 වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 වන දින නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජූලි 10 වන දින දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ ජූලි 11 වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවයි සදහන් වන්නේ
මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත් අපේක්ෂා කරනවා.
එමෙන්ම අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බවයි සදහන් වන්නේ.