හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9.30 සිට පැය 12 ක කාලයක් කලුතර ඇතුලු ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්රදේශවලට ජල සැපයුම එලෙස අත්හිටුවනු ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.