බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – තායිලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් වුණා.
මෙම සංගමය නැවත පිහිටුවීම සඳහා රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත් මහතා සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් වුණා.
1955 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමෙන් පසු දෙරට අතර අඛණ්ඩව පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවය දෙපාර්ශ්වයම පෙන්වා දුන්නා.
බෞද්ධ උරුමයන්ගෙන් පෝෂණය වූ ජාතීන් ලෙස, වෙළඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ සංස්කෘතික හුවමාරු ඇතුළු ප්‍රධාන අංශවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේම කැපවීම මෙහිදී නැවත අවධාරණය කෙරුණා.
පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම හරහා දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමට සහ අන්‍යෝන්‍ය සබඳතා කවදුරටත් වැඩි දියුණු කිරීමට හැකිවනු ඇතැයි දෙපාර්ශ්වයම මෙහිදී පෙන්වා දුන්නා.
මෙම රැස්වීමට ප්‍රථම, තායිලන්ත තානාපතිවරයා සහ ගරු කථානායකවරයා අතර සුහද හමුවක් ද පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.
උණුසුම් පුවත්
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
- පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දියාවට භූ කම්පනයක්
- විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට
- 2026 පළමු පාසල් වාරය ඇරඹෙයි












