ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක් කළ වනසිංහ මහතා මියයන විට 91වන වියේ පසු වුණා.
1954 වසරේ දී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එවක ලංකා හමුදාවට එක්වූ වනසිංහ මහතා, මූලික යුධ පුහුණුව හැදෑරීම සඳහා Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුනු අතර, ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීයෙකු ලෙස පත් වුණා.
ඔහු යුද හමුදාධිපති ලෙස පත්වීමට පෙර හමුදාවේ විවිධ තනතුරු රැසක් හොබවනු ලැබූ අතර, 1988 වසරේ දී මෙරට 11 වන යුද හමුදාධිපති ලෙස පත් වුණා.
වනසිංංහ මහතා 1995 යුද හමුදාවෙන් විශ්‍රාම ගත් අතර, ඉන් අනතුරුව මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්‍ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබුවා.
ඔහු සිලෝන් ඉන්ටර් ඩොමීනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩිතැබීමේ තරගාවලියද නියෝජනය කර තිබෙනවා.