අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද මහනුවර, නිත්තවෙල – මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ වනවිට රත්වත්තේ වලව්වේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් ඇතුළු හිතමිතුරන් පැමිණෙමින් සිටිනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඔහු 57 වන වියෙහි පසුවුණා.