හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සලකා බලා ඔහුව නිදහස් කරන ලෙසට තමන් ඉල්ලීමක් කරන බවයි.
එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකාව, ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට ළඟා වූ අවස්ථාවේදී රට බේරා ගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් ඔහුට එරෙහි පවතින චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවත් ඔහු සදහන් කර තිබෙනවා.
දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන නමුත් සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද එරික් සෝල්හයිම් වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා.