
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද වරෙන්තු නිකුත් කළා. ඒ මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීමට අදාළව දෙවන වරටත් නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙන් බවයි අනාවරණය වන්නේ. මෙම නඩුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අයෝමා ගලප්පත්ති, තිස්ස ගලප්පත්ති සහ මුදිත ජයකොඩි යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා.














