හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් ව ඇති බව හැටන් පොලීසිය පවසනවා.
සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට ගොස් ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදී මෙසේ ජලාශයට ඇද වැටී ඇති බවයි සදහන් වන්නේ.
ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
සිසුවාගේ සිරුර සොයා ගැනීම සදහා පොලිස් ජීවිත ආරක්ෂක බලකායේ සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරින්ගේ සහාය ඉල්ලා ඇති බවත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සදහන් කලා.
මෙසේ අතුරුදන් ව ඇත්තේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක් බවටයි වාර්තා වන්නේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වු සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති අතර ඔහු පාසල් යෑම සදහා හැටන් ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදි පරිඝණක භාහිර පන්තියකට සහභාගිවන බව පවසා එම නිවසින් පිටව ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.