නායයෑමේ අවධානමක් හේත=වෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක් පමණ කොටසක් රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට අද දින සීමා කර ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
ප්‍රධාන මාර්ගයට ඉහළින් විශාල පැති බැම්මක් කඩා වැටීමත් සමග එම කොටස නායයෑමේ අවධානමක් පවතින නිසා මාර්ගයේ කොටසක් එක් මන්තීරුවකට සීමා කළ බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය දින කිහිපය තුළ නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවසක පැති බැම්ම ඊයේ දින කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවා.