Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් කොටගල ආදාහනාගාරය ගැන පක්ෂ විපක්ෂ සභිකයින්ගෙන් චෝදනාවක්

    හැටන් කොටගල ආදාහනාගාරය ගැන පක්ෂ විපක්ෂ සභිකයින්ගෙන් චෝදනාවක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කොටගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කිරීම සඳහා අධික මුදලක් අය කිරීම නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී ඇත බව එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් 28 වන දින මාධ්‍ය ප්‍රකාශයක් පවත්වමින් පැවසීය.

    කොටගල ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරයේ එක් දේහයක් ආදාහනය කිරීම සඳහා ගෑස් කිලෝ 46.9ක් වැය වන නිසා 2019 වසරේ සිට පිට පළාත්වලින් රැගෙන එන දේහයක් ආදාහනය කිරීම සඳහා රුපියල් 25,000ක්ද කොටගල ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයේ දේහයක් ආදාහනය කිරීමට රුපියල් 24000ක මුදලක්ද අය කරන බවත් එම මුදල රුපියල් 15,000 දක්වා අඩු කරදෙන ලෙසයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් ඉල්ලා සිටින්නේ.

    නෝර්වුඩ්, ගිනිගත්හේන, තලවකැලේ යන ප්‍රාදේශීය සභාවල සහ නුවරඑළිය මහ නගර සභාවේ ආදාහනාගාරවල එක් දේහයක් ආදාහනය කිරීම සඳහා රුපියල් 15,000ක මුදලක් පමණක් අය කරන බවද එම මුදලට සමාන මුදලක් කොටගල ආදාහනාගාරයෙන්ද අය කිරීමට කටයුතු කරලා ලෙයසි මාධ්‍ය හමුවට එක් වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් කියා සිටියා.

    එම සභිකයින් ආදාහනාගාරය වෙත ගොස් දේහයන් කිහිපයක් ආදාහනය කිරීම සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමෙන් පසු එක් දේහයක් ආදාහනය කිරීම සඳහා ගෑස් කිලෝ 27ක් පමණක් වැය වන බවත්, ඒ අනුව දේහයක් ආදාහනය කිරීමට දැනට අය කරන මුදල විශාල ලෙස අඩු කළ හැකි බවයි එම සභිකයින් මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

    තවද දේහයක් ආදාහනය කිරීමට රුපියල් 25000ක මුදලක් අය කළද එම ආදාහනාගාරය වෙත පැමිණිණෙන පිරිසට වැසිකිළි ඇතුළු කිසිදු පහසුකම් සලසා නොමැති බවත් එම ආදාහනාගාරවල දැඩි ලෙස අපිරිසිදු වී ඇති බවත් එම සභිකයින් වැඩිදුරටත් කියා සිටියා.

    අප මේ සම්බන්ධයෙන් කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්‍රසාද් මහතාගෙන් කළ විසමසුමකට ඔහු කියා සිටියේ කොටගල ආදාහනාගාරය විදුලියෙන් සහ ගෑස් මගින් ක්‍රියා කරන බවත් දේහයක් ආදාහනය කිරීමේදී ගෑස්වලට අමතරව විදුලියද වැය වන බවයි.

    ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් එම ආදාහනාගාරය වෙත ගොස් ගෑස් පිළිබඳ පමණක් විමර්ශනය කර ඇති බවත් එම ආදාහනාගාරය දේහයන් 100ක් ආදාහනය කිරීමෙන් පසු එය අලුත්වැඩියා කිරීමට රුපියල් 475000ක පමණ මුදලක් වැය වන නිසා එම මුදල අය කිරීමට සභාව තීරණය කර ඇති බවද සභාපතිවරයා පැවසීය.

    කෙසේ වෙතත් එම ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කිරීමට දැනට අය කරන මුදල් ඉදිරියේදී අඩු කිරීමට 2026වසරේ අයවැය ඇස්තමේන්තුවට ඇතුළත් කරන බවද කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ නායක ජී. රාජේන්ද්‍රන්, සමගි ජන බගවේගයේ සභාකි(විපක්ෂ නායක) විශ්වනාදන් පුෂ්පා, එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති(ජාතික ජන බලවේගයේ) යාගුල මේරි මහත්මියද සහභාගි විය.

    පෙර පුව​තප්‍රදේශ දෙකකින් නාඳුනන මළ සිරුරු තුනක්
    ඊළඟ පුව​ත බගවන්තලාවට මල් තුහින පතිත වෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group