බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල පොලිස් වසමේ කදිරේෂන් බෝක්කුව අසල ප්‍රදේශයේ නායයෑමක් සිදු ව තිබෙනවා.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට එම ප්‍රදේශයට වැසි තත්ත්වයේ අඩුවක් පවතින අතර, ඉදිරියේ දී වර්ෂාව ඇති වුවහොත් තවදුරටත් නායයෑමට ඉඩ ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඊයේ පස්වරුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයේ ද බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශය නායයෑම් සිදුවිය හැකි ස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.













