Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හයිද්‍රාබාද් – මුම්බායි තරඟය IPL වාර්තා රැසක් අලුත් කරයි

    හයිද්‍රාබාද් – මුම්බායි තරඟය IPL වාර්තා රැසක් අලුත් කරයි

    2024-03-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් වාර්තා රැසක් අලුත් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
    තරගයේ පළමවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.
    වාර්තාගත හඹා යාමක් සදහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 246 ක් පමණයි.
    හයිදරාබාද් කණ්ඩායම මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 277 ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
    මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහර 38ක් එල්ල කළ අතර, එය ද අයි.පී.එල් තරගයකදී හා විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිද දැමීමක් වනවා.
    එමෙන්ම මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 523 ක් ලබා ගැනීමට සමත් වූ අතර, එය ද අයි.පී.එල් තරගයකදී හා විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.
    කිසිදු අයි.පී.එල් තරගයකදී මීට පෙර ලකුණු 500 ක් වාර්තා වී තිබුණේ නැහැ.
    සන්රයිසස් ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62 ක් ද, අභිෂේක් ෂර්මා පන්දු 23 කින් ලකුණු 63 ක් ද වාර්තා කළා.
    අභිෂේක් සිය අර්ධ ශතකය පන්දු 16 කින් වාර්තා කළ අතර, එය සන්රයිසස් වෙනුවෙන් අයි.පී.එල් ඉතිහාසයේ දී වාර්තා වූ වේගත්ම අර්ධ ශතකයයි.
    ඔහුට පෙර පන්දු 18 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ට්‍රැවිස් හෙඩ් මේ වන විට සන්රයිසස් වෙනුවෙන් දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස ඉතිහාසගත වී සිටිනවා.
    හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේ පන්දු 34 ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිම හයේ පහර 7කින් හා හතරේ පහර 4කින් වර්ණවත් වුණා.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, සන්රයිසස් කණ්ඩායමේ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හේතුවෙන් එය අහිමි වී ගියා.f
    මෙහිදී මුම්මබායි කණ්ඩායම වෙනුවෙන් තිලක් වර්මා පන්දු 34 කින් ලකුණු 64 ක් ලබා ගත් අතර, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 42 ක් රැස් කළේ පන්දු 22 ක් පමණක් වැය කරමින්.
    මෙහිදී ඉෂාන් කිෂන් පන්දු 13දී වේගවත් ලකුණු 34ක් ලබා ගැනීමද කැපී පෙනුනා.
    පන්දු යැවීමේ දී ජයිදේව් උනඩ්කට් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

    ආශ්‍රීත පුවත්:  සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය නම් කෙරේ. - නායකත්වය ශුබ්මන් ගිල්ට
    #srilanka #cricket
    පෙර පුව​තමෙක්සිකෝවේ ලැව්ගිනි නිසා අක්කර 32,000ක් ගිනිබත් වෙයි
    ඊළඟ පුව​ත මෙරට නිෂ්පාදන ආර්ථිකය සම්පුර්ණයෙන් කඩා වැටිලා

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group