ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 23 වැනි තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 182ක් රැස් කළා.
එහිදී නිතීෂ් කුමාර් රෙඩ්ඩි පන්දු 37දී ලකුණු 64ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී අර්ශදීප් සිං ලකුණු 29ට කඩුළු 4ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂශන්ක් සිං පන්දු 25දී නොදැවී ලකුණු 46ක් රැස් කළා.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 32ට කඩුළු 2ක් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













