නව සටන් විරාම ගිවිසුමක් යටතේ ගාසා හි තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය යෝජනා කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රධාන නව ප්‍රහාරයක් දියත් කිරීමෙන් පැය කිහිපයකට පසු පැවති සාකච්ඡාවකදී එම සංවිධානය විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව දින 60ක සටන් විරාමයක් සහ ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා හිලව් වශයෙන් ප්‍රාණ ඇපකරුවන් නව දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බව පලස්තීන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් අකර තිබෙනවා.
නව යෝජිත ගිවිසුම මඟින් දිනකට ආධාර ට්‍රක් රථ 400 ක් ඇතුළුවීමට සහ ගාසා තීරයෙන් වෛද්‍ය රෝගීන් ඉවත් කිරීමට ද ඉඩ සැලසෙනු ඇති බව සඳහන්.