ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක් ස්ථාන මාරු ලැබ තිබෙනවා.
එසේම පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලැබ තිබෙනවා.
එම සියලුම දෙනාගේ නම් ඇතුළත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.