නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර තිබෙනවා.
ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, 117 හදිසි ඇමතුම් අංකය භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක බවයි.
මේ වනවිට විශේෂ ආපදා තත්ත්වයක් වාර්තා වී නැතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව, වැසි වැඩිවීමත් සමග ඉදිරියේදී ආපදා තත්ත්වයන් මතුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.