රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබුනා.
කෙසේවෙතත් විවෘත තරග විභාගය අනූව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන තිබෙනවා.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617ක් වන අතර 1,906ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරතව සිටිනවා.











