ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් .
“දේශ සීමා ඉක්මවා- ශ්‍රි ලාංකිකයින් බලගැන්වීම” යන්න තේමා කරගනිමින් මෙම සැමරුම් උත්සවය පවත්වනු ලබනවා.
ඊට සමගාමීව විගමණික ප්‍රජාව වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ..
විගමණික ප්‍රජාව වෙත පහසුකම් සැපයීමේ යෙදවුම හඳුන්වාදීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී පවුලේ ඥාතීන් වෙත ගෙවන දීමනාව රු.40000 සිට රු.100000 දක්වා ඉහල නැංවීම, නව්‍යකරණය කරන ලද 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ආදී වැඩසටහන් රැසක් ඊට සමගාමීව ක්‍රියාත්මක වනවා.
මීට අමතරව සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමණික ශ්‍රමිකයින් ඇගයීම, දීර්ඝ කාලයක් පවත්වාගෙන යන විදේශ රැකියා නියෝජිතායතන ඇගයීම, , ශ්‍රමිකයෙකුගේ මරණයකදී ලබාදෙන රක්ෂණ වන්දි මුදල ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීම ආදී වැඩසටහන්ද මීට සමගාමීව ක්‍රියාත්මක වනවා.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













