ඔස්ට්‍රේලියාවේ අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි “right to disconnect” “විසන්ධි කිරීමේ අයිතිය” යන නීතිය හඳුන්වා දී තිබේ.
එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමිව ඇත.
ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවය.