සූරියවැව, රන්දියගම ප්‍රදේශයේදී කාන්තාවක සහ ඇයගේ කුඩා පුත්‍රයාට විදුලි සැර වැදිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5 ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ දරුවායි.
ඊයේ පස්වරුවේදී මෙම දරුවා නිවස ආසන්නයේ පිහිටි ඉඩක නීතිවිරෝධි ලෙස ඇඳ තිබූ විදුලි කම්බියක පැටලී ඇති අතර දරුවා බේරාගැනීමට පැමිණි මවටද විදුලි සැර වැදී තිබෙනවා.
මෙම විදුලිසැර වැදීමෙන් එම ස්ථානයේදීම ඔවුන් මිය ගොස් ඇති බවටයි පොලිසිය සිදු කළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.