සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීමට බලතල ලබා දෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
එම පනත පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සූදු ක්‍රීඩා හේතුවෙන් සමාජයට ඇති විය හැකි අහිතකර තත්ත්වයන් අධ්‍යයනය කර ඒ පිළිබඳ විධි විධානයන් නිකුත් කිරීමට පනත විසින් අධිකාරියට බලතල ලබා දෙන බවයි.