සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා.
පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත වුණා.
මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇති.
ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා, සූදු මෙහෙයුම් සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදූ ක්‍රීඩා නියාමන අධිකාරිය කටයු කරනු ඇති.
මෙම යෝජිත අධිකාරිය මගින් නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලාත්මක කළ හැකියි.
සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම හා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමකවරයෙකු ලෙස මෙම අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබනවා.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














