පිලිපීනයට බලපෑ ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 08 මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ලක්ෂ 14 කට අධික පිරිසක් මේ හේතුවෙන් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව පිලිපීනය හරහා හමා ගොස් ඇත්තේ පැයට කිලෝමීටර 185ත් – 230ත් අතර වේගයෙන් බවයි වාර්තා වන්නේ.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ එරට වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසොන් හි ඕරෝරා පළාතට බවයි.
එය මේ වනවිට දුර්වල වී බටහිර ලුසොන් හි ලා යුනියන් හරහා ගමන් කරමින් තිබෙනවා.
කෙසේ වෙතත් එරට කාලගුණ විද්‍යා සේවය අනතුරු අඟවා ඇත්තේ තවදුරටත් වැසි ඇති විය හැකි බවටයි.
මීට දින කිහිපයකට පෙර පිලිපීනයට හටගත් කල්මේගි කුණාටුවෙන් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මිය ගියා.













