පොළොන්නරුව, හබරණ – මඩකලපුව මාර්ගයේ පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිරිපිට පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු හබරණ දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 60ක් පමණ වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













