වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිටි ජනප්‍රිය ගායන ශිල්පිනි කේ .සුජීවා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියා.
ඒ අනුව තුවාල ලැබූ කේ සුජීවා කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර මේ වන විට නිවසට ගොස් තිබෙනවා.
මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් .