සුඛෝපභෝගී මගී නෞකාවක් වන ඇම්බියන්ස් නෞකාව අද (18) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.
තායිලන්තයේ පුකෙට් නුවර සිටයි මෙම නෞකාව පැමිණ ඇත්තේ මගීන් 1,131 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 565 දෙනෙකු සමගින්.
මෙම නෞකාවේ සිටින මගීන් කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල සංචාරය කිරීමට නියමිතයි.