කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් වූනා.
කොළඹ ීක් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 36ක තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය මහානාම විද්‍යාලය විසින් දිනා ගත්තා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වුනා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශනෙල් බිනුශ්කයි.
ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුනා.
කඩුලු දවා ගැනීමේ දී ගිමන්ත දිසානායක ලකුණු 16කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අවසානයේ තරගය නතර කරන විට මහානාම විද්‍යාලයීය ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 95ක් ලෙසින් දැක් වුනා.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එහිදී 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් වූවා.
උණුසුම් පුවත්
- පොහොට්ටුවෙන් ගිය සෙට් එකක් ආයෙත් එයි ?
- බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
- ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
- ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
- ප්‍රතිවාදීන් මර්ධනය කරන බවට විපක්ශයෙන් ආණ්ඩුවට චෝදනා
- රටේ සිනමා කර්මාන්තය ආරක්ශා කරන බවට ජනපතිගෙන් සහතිකයක්
- හිටපු මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්
- දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට













