Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව 

    සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව 

    2025-09-29කියවීමට මිනිත්තු 3ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී ලූණු කිලෝවක් සදහා රු.200ක වගේ මිලක් ලැබෙනවා නම් සාධාරණ වුවත් දැන් ලැබෙන්නේ රු.110යි 120ක් බවත් පසුගිය දිනක මෙරට බී ලූණු වගා කරන ගොවියා ආරක්ෂා කරන්නැයි කියා බද්දක් පවා ගැසූ නමුත් බද්ද ගසන විට විශාල ප්‍රමාණයක් බී ලූණු මෙරටට ආනයනය කර ගබඩා කර අවසන් බවත් මෙවැනි දේවල් කර දැන් රජය ගොවියාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වීරයන් වගේ කතා කරන බවත් මේ බදු ගැසීමේ දී නියමිත ක්‍රමවේදය අනුගමනය නොකළ නිසා ප්‍රසිද්ධ රාජ්‍ය නිලධාරියකුට තනතුරෙන් පවා ඉල්ලා අස්වෙන්න සිදු වූ බවත් සීනි බදු වංචාව වගේ ලූනු බදු, අර්තාපල් බදු වංචාවක් ඇත්ද කියා ප්‍රශ්න කරන බවත් මේ බද්දේ ප්‍රතිලාභ ගොවියාට නොලැබෙන බවත් අද බී ලූණු ටික විකුණා ගන්න බැරිව ගොවියා අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මින්නේරිය ආසනයේ ඇලහැර ප්‍රදේශයේ යාය 26 කොට්ටාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

    ආණ්ඩුවක් කරන එක අමාරු වැඩක් බවත් මේ ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත වී ඇති බවත් බී ලූණු ගොවියාගේ, වී ගොවියාගේ, අර්තාපල් ගොවියාගේ හද ගැස්ම නොතේරෙන බවත් බදු ගැසිය යුතු වෙලාවට බදු නොගැසීම නිසා නොහැකියාව අදක්ෂකම නිසා විපතට පත්ව ඇත්තේ ගොවි ජනතාව බවත් එක පෑන් පාරින් විසදුම් දෙනවා කිව්වත් කිසිදු විසදුමක් තවමත් නොලැබ ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    නැවත වරක් විදුලි බිල වැඩි වෙනවා

    රු. 5000 පොහොර මිටිය එපා කියා මාලිමාවට ඡන්දය දීපු ගොවියා අද අතරමං වී ඇති බවත් දෙනවා කියා පොහොර සහනාධාරයවත් අද හරියට නැති බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය නොවූ බවත් නුදුරේදී විදුලි බිල නැවත වරක් වැඩි වන බවත් රටේ අතිමහත් බහුතරයක් මංමුලා කර මුසාව මුලාව රජ වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ජනතා ගැටලු අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්

    අස්වැන්න සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබෙන යුගයක, අලි මිනිස් ගැටුමට විසඳුම් නොමැති යුගයක, වගා කටයුතු සඳහා පොහොර, බීජ, උපකරණ සඳහා මිලක් නැති යුගයක මේ සියලුම ගැටලුවලට තමන්ට හැකි පමණින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් කමිටුවලත් කතා කර විසදුම් ලබා දීමට දිය හැකි උපරිම බලපෑම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    වී ගබඩා තිබ්බට ගොවියාට සාධාරණ මිලක් නෑ.

    වී ගොවියාට ලබා දෙනවා කියූ සාධාරණ මිල අද නොමැති බවත් රජයේ වී ගබඩා තිබුණත් ඒවායින් රු. 120ට වී ගත් එක ගබඩාවක්වත් නොමැති බවත් බොරුවට වී ගන්නවා යැයි ප්‍රචාරය දියත් කළත් මේ මිලට වී මිලදී නොගත් බවත් ඡන්දය දිනන්නට ගොවිජන ව්‍යාපාරයක් පෙන්වා ගොවියා රජකරනවා කියා වී සදහා රු. 150ක් දෙනවා කිව්වත් අද එය නොදුන් බවත් ගොවියා රවටා මොවුන් බලය ලබා ගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රය සුරක්ෂිතයි කිව්වට ග්‍රාමීය රෝහල්වල පහසුකම් නෑ

    සෞඛ්‍ය ක්ෂේත්‍රය සුරක්ෂිතයි කිව්වත් ග්‍රාමීය රෝහල්වලට නිසි පහසුකම් නොමැති බවත් පොහොසත් රටයි ලස්සන ජීවිතයයි කියන්නේ මේකට නොවන බවත් සමගි ජන බලවේග රජයක් තුළ දේශපාලන පක්ෂ නොව පොදු ජනතාව රජකරවන යුගයක් උදාකරවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුමුල්ලෙන් ආරම්භ විය.

    පෙර පුව​තවිශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයකට සැරසෙයි
    ඊළඟ පුව​ත නාගරික මන්ත්‍රී අමල් සිල්වාට ඇප

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group