සීදූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සීදූව, රාජපක්ෂපුර 12 වැනි පටුමගේ දී ඊයේ රාත්‍රී 8 යි15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
සීදූව නගර සභාවේ ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වුණේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. අනතුරුව වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඔහු යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ පුද්ගලයෙකු වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය විමර්ශන සිදු කරනවා.