පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
තමා අධ්‍යාපන ලබන පාසලේ විදුහල්පතිවරයා පාසල් වේලාව තුළදී තමන්ට පහරදී වද හිංසා කළ බව පවසමින් 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.
කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් යුගලයක් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් සැකකාර විදුහල්පතිවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.