වවුනියාවේ වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ළිඳකින් සිසුවියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා
වවුනියාව පොලිසිය විසින් 11 වැනිදා එය ගොඩගෙන තිබෙනවා
අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබන මෙම සිසුවිය උපකාරක පන්තියට ගොස් ඇතත් සවස් වන තුරුම නොපැමිණීම
නිසා ඇගේ දෙම්ව්පියන්, හා අසල්වාසීන් ඇය සොයන්නට පටන් ගෙන තිබෙනවා
ඇගේ පොත් බෑගය හා පාපැදිය එම උපකාරක පන්තියේ තැනක තිබී හමුව තිබෙනවා
වහාම මේ පිළිබඳව වවුනියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසියේ කණාඩමක් ගොස් අවට සෝදිසි කර බැලීමේදී
සිසුවියගේ මළ සිරුර අඩි 40 ක් පමණ ගැඹුරු ළිඳක පාවෙමින් තිබී තිබෙනවා.
අධිකරණ නියෝග මත ඇගේ මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා
වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
එම පරීක්ෂණය අවසන් වනතුරු මෙම මරණය මිනීමැරුමක් ද සිය දිවි හානි කර ගැනීමක් ද යන්න
ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බව වවුනියාව පොලිසිය පවසනවා