ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වල මිල ගණන් අඩු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 368ක් දක්වා රුපියල් 03කින් පහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420ක් වනවා.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 333ක්.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 377ක් දක්වා රුපියල් 09කින් පහළ දමා තිබෙනවා.
භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 215ක්.
එමෙන්ම මෙම මිල ගණන් වලට සමාන ලෙස ලංකා අයි. ඕ. සී. සමාගමත් ඉන්ධන මිල අඩු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට













