වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. ජුලි මස පළමු වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළද පසුගිය පළමු වැනිදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ ගියා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ නව ඉන්ධන මිල ගැලපුමට අනුව බස් ගාස්තු අඩු කළ හැක්කේ සියයට 0.55 ක ප්‍රතිශතයෙන් පමණක් බවයි. මේ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ ද කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති. නව ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩු වන්නේ රුපියලකින් බවයි සඳහන් වන්නේ. මීට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් දෙක රුපියල් තුන3 ආදී වශයෙන් අඩු වන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අඩු වනු ඇති. එමෙන්ම මෙම බස් ගාස්තු අඩු වීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම සලකා බැලීම 8 වැනිදා
- අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්
- මිලියන 16ක් වටිනා කේරළ ගංජා ඇල්ලූ මෙහෙයුම
- ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්
- විනිසුරුවරයෙක් අල්ලස් දැලට කොටුවෙයි
- අල්ලස් ගත් බවට සැකකල ලොකු ලොක්කෙක් ඇතුළු තුනකට ඇප
- තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
- ජනාධිපති අරමුදලට IOCයෙන් රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්