ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන මිල සංශෝධනයත් සමගින් සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් ලෙස දැක්වෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සිනොපෙක් සමාගම රුපියල් 81කින් ඉහළ දමා තිබෙනවා.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දැමීමත් සමගින් එහි නව මිල ලෙස සටහන් වූයේ රුපියල් 572ක්.
එහි නව මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 398කි.
එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දැමීමත් සමගින් එහි නව මිල රුපියල් 382ක් ලෙස දැක්වුණා.
මෙම මිල ගණන් සංශෝධනය අද(22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි සිනොපෙක් සමාගම වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධ මිල ගණන් ඉහළ දමා තිබෙනවා.














