සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.
මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංචාරක සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 30.24%ක වැඩිවීමක්.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697කු පැමිණ තිබෙනවා.
තවද, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,527ක්, ජර්මන් සංචාරකයින් 9,344ක්, චීනයෙන් සංචාරකයින් 10,527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව ආහත් ලක්ෂ 25,494ක් වනවා..
ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්ද , 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- නුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්
- නායගිය පාරක් හදන්න පළාත් පාලන ආයතන රැසක් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය
- රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
- VIDEO: ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්
- සුංගාවිල – සෝමාවතිය පාර තාවකාලිකව වසා දැමේ
- නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි
- නාවලපිටිය – මහනුවර පාර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ













