ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ඕස්ටේ්‍රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය පවසනවා.
ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී ඇය මේ බව සදහන් කළා.
ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
විශේෂයෙන්ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඕස්ටේ්‍රලියාව සූදානම් බවද අග්‍රාණ්ඩුකාරවරිය විසින් අවධාරණය කළා.
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, ආරක්ෂක,සංචාරක, සමුද්‍රීය කටයුතුවලදී ඕස්ටේ්‍රලියාවෙන් ලැබෙන සහායද ජනාධිපතිවරයා මෙහිදී අගය කළා.
ඕස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ රැකියා, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ආදිය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බවයි ජනපතිවරයා එහිදී අවධාරණය කළේ.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













