පසුගිය සතිය තුළදී පමණක් ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් හාරලක්ෂ පනස් දහසක් පමණ පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.
රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බැවින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය ජනතාවට දැනුම් දුන්නා.
ඊට ප්‍රතිචාරයක් ලෙසයි මෙම පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇත්තේ.
ඊශ්‍රායල යුද ටැංකි රෆා ප්‍රදේශයේ සීමාවන් අසලටම මේ වනවිට පැමිණ සිටින අතර ඕනෑම මොහොතක එම ප්‍රදේශය ආක්‍රමණය කිරීමේ හැකියාව පවතිනවා.