ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සදහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟ විය නොහැකි බවයි ඔහු සදහන් කළා.
සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
හඬ පට ධාවකයමේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජනතාවගේ අයිතින් උල්ලංඝනය වන ලෙසට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.
හඬ පට ධාවකයඑමෙන්ම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
හඬ පට ධාවකයමේ අතර මැතිවරණය සදහා දින 7 ක් තුළ මුදල් ලබා නොදුනහොත් විපක්ෂයේ සියලු පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් ලබන සතියේ සිට ජාත්‍යන්තරය දැනුවත් කරන බව ඔහු පැවසුවා.
හඬ පට ධාවකය