රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එමින් සිටියදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් විදේශ රට වලින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවටද අනාවරණය වී තිබෙනවා.
මොවුන් දෙදෙනා ඊයේ අලුයම 02.20 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට , ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 780ක් බරැති ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණේ.
මේ වනවිට මෙම පුද්ගලයන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය වැඩිදුරට විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
උණුසුම් පුවත්
- කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළට
- නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක්
- සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශන
- මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- ටිකට් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
- සති තුනක් තුල මෙරටින් ඩෙංගු රෝගීන් 35,00 ක්
- ප්‍රධාන ජලාශ 73 න් 57 වාන් දමයි
- සාමාන්‍ය ජනතාවට හිමිවන අයිතිවාසිකම් ආදීවාසීන්ට ද හිමි විය යුතු බවට අගමැතිනිය කියයි