ස්පාඤ්ඤයෙන් හා එංගලන්තයෙන් අධික උණුසුමක් වාර්තා වනවා.
ස්පාඤ්ඤයේ හා එංගලන්තයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම කාලගුණය පසුගිය ජුනි මාසයේදී සටහන්ව තිබෙනවා.
ස්පාඤ්ඤ කාලගුණ සේවය වන ඒමෙට් පැවසුවේ ජුනි මාසය තුල එරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.6ක පැවැති බවයි.
එමෙන්ම එංගලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 16.9ක පැවති බවයි.
එක්සත් රාජධානියේ 1884 වසරෙන් පසු වාර්තා වූ දෙවන උණුසුම්ම ජුනි මාසය ද පසුගිය මාසය බව සඳහන් වනවා.