Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සලාක මුදල කපා හැරීමට එරෙහිව රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව අධිෂ්ඨාන පූජාවක

    සලාක මුදල කපා හැරීමට එරෙහිව රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව අධිෂ්ඨාන පූජාවක

    - කමල් සුරවීර මහනුවර
    2023-06-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා යුධ හමුදා ආබාධිත විශ්‍රාමික රණවිරුවන් හට මෙතෙක් ගෙවූ සලාක මුදල කපා හැරීමට විරෝධය පා රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව 17 දින මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට අධිෂ්ඨාන පූජාවක නිරත වුනා.

    රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුවේ කැඳවුම්කරු විශ්‍රාමික යුධ හමුදා බලලත් නිලධාරි එන්.ඒ.ජේ. නිශ්ශංක කියා සිටියේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි නොතකා සටන් වැද මියගිය, අතුරුදහන්වූ හා ආබාධිත යුධ හමුදා රණවිරුවන් තිස් දහසකට අධික රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ගෙවන ලද සලාක මුදල මාස දෙකක සිට අත්හිටුවීම විශාල අසාධාරණයක් බවයි.

    ‘වසර 30 ක කුරිරු යුද්ධය දිවි පුදා නිමා කළ ත්‍රිවිධ හමුදාවටම ලබාදුන් මෙම සලාක මුදල මේ වන විට යුද හමුදාවෙන් පමණක් ඉවත් කිරීම ඉතාමත් අසාධාරණයක්. මේ සලාක මුදල නාවික හා ගුවන් හමුදාවට පමණක් ගෙවනවා. යුධ හමුදා රණවිරුවන් මේ ආකාරයෙන් නොසලකා හැරීම අපට කිසිසේත්ම පිළිගන්න බෑ. මේ වන විට අපි අපේ ශරීරයේ අවයව රට වෙනුවෙන් පූජා කරල ජීවත් වෙන්න නොවිඳිනා දුක් විඳිනවා. අපේ දරු පවුල බඩගින්නේ පවා ඉන්නවා. මේ වගේ ආර්ථික තත්ත්වයක් මත ඒ සලාක මුදල අහිමි කිරීම කිසිසේත් පිළිගන්න බෑ. යුධ හමුදාවට විතරක් මේ අසාධාරණය කරන්නේ ඇයි කියලයි අපි අහන්නේ. කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාර මැද රටේ ඒකීයභාවය වෙනුවෙන් අපි යුධ වැදුනේ ජීවිතය පවා පරදුවට තියලයි. එහෙම අපිට මේ කෙනෙහිලිකම් කරන්නේ ඇයි’ යනුවෙන්ද හෙතෙම කීය.

    මෙම අවස්ථාවට දිවයින පුරා රණවිරු සංවිධාන නියෝජනය කරමින් ආබාධිත රණවිරුවෝ මෙන්ම එම සංවිධානවල නියෝජිතයන්ද එක්ව සිටි අතර ප්‍රථමයෙන් මියගිය රණවිරුවන් උදෙසා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ රණවිරු පිරිස අධිෂ්ඨාන පූජාවක නිරත වුනා.

    මෙම අධිෂ්ඨාන පූජාවට එක් වූ රණවිරුවන් සඳහන් කළේ මේ සඳහා රටේ පාලකයන්ගේ හා වග කිව යුත්තන්ගේ අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    පෙර පුව​තමිය ගිය රුසියානු සහාය ගුවන් නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවයි
    ඊළඟ පුව​ත සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා පිස්තෝල ලබා දීමට තීරණයක්

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group