ජනතා විමුක්ති පෙරමුණේ විජිත් හේරත්, වසන්ත සමරසිංහ ලා ‘සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා.
මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ත්, IMF එකත් එක්ක සෙල්ෆි ගහපු ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි ත් සල්ලි අච්චු ද්‍රවශීලතාව පාලනයට ගෙන ඇති පියවර මුදල් අච්චු ගැසීමටක සමාන බව පිළිගන්නවා. ආණ්ඩුවේ නායකයෝ ජනමාධ්‍යයටයි,
සමාජ මධ්‍යයටයි බනිමින් ඇත්ත එළිවෙන එක වලක්වා ගන්න හදනවා. එළහරකයි – මී හරකයි නගුලේ බැදලා හාන්න බැරි බව දැන් ඡන්දදායකයින්ට තේරෙනවා, යැයි නාඋල පැවති ජන හමුවක් අමතමින් මාතලේ සජබ දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.
වාර වෙන්දේසිය (Term auction), එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවන බව, අච්චු ගහන බව කිව්වාම මහ බැංකුව නිවේදන ගහලා ඒක කරන තවත් ක්‍රමයක් ගැන කියනවා. විජිත හේරත් ඇමතිතුමා මේ කිප්ටෝ කරන්සි, ඩිබෙට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් යුගයේ ගල් අච්චුවේ සල්ලි කොල අච්චු ගහන හැටි කියනවා.
රටක ආර්ථිකය හැසිරවීම රාජ්‍ය යේ වගකීමක්. රාජ්‍ය මුල්‍ය හැසිරවීම මහ බැංකුවේ කාර්යයක්. භාණ්ඩාගාරය හැසිරවීම කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ වගකීමක්. කාඩර්වරුන්ට ආතල් දෙන්නයි, රටක ආර්ථික වෙනුවෙන් තීන්දු ගන්නයි දෙකම එක සැරේ කරන්න බෑ.